මගේ මුහුණු පොතට කවුරුන් හෝ ආගන්තුකයෙක් අනවසරයෙන් පිවිස දින කීපයක් තිස්සේම සුපුරුදු පරිහරණය අවුල් කරයි. නමුත් මේ වනවිට යථා තත්ත්වයට පත්කරගත්තද ඒ වෙනුවෙන් තරමක් වෙහෙසෙන්නට සිදු විය.
කොරොනා රෝගීන් හදුනාගැනීම සඳහා බල්ලන් යොදා ගැනීමට යන බව බීබීසී පුවතකි.
ඉවක් බවක් නැති මිනිස් සමාජයට බල්ලන්ගෙන් වූ සේවය සුළුපටු නොවේ .
ඉව ඇත්තේ සතුන්ටය. බව නම් බුද්ධියයි.
කහ ඉරෙන් පාර මාරු වන බල්ලෝද වෙති .වාර කීහිපයක පුහුණුව සහ විදානයෙන් පසු බල්ලන් යම් යම් දේ කිරීමට පුහුණු වේ. ඩොල්පින් මත්ස්‍ය වර්ගය , ව්යඝ්රයන් සිංහයන්, අලි ඇතුන් වැනි සතුන්ගේ ද ශරීර පුහුණු කිරීමෙන් විවිධ හපන්කම් සදහ හුරු කල හැක. මෙහිදී සතුන් තුළ ක්‍රියාත්මක වන්නේ ශරීර මාංශ මතකය නැතිනම් muscels memmory වෙ.
මනස මගින් ක්‍රියාත්මක වන මතකය bio memmory ලෙස සරලව හැඳින්විය හැක. තවත් මතක වර්ග කිහිපයක් වුවත් මෙම ලිපියට අදෘල නොවන නිසා දැනට මේ ප්‍රමාණවත් යැයි සිතමි.
මෙ මොහොතේදී ද පවතින වසංගතය පිළිබඳව නොදන්නා කෙනෙක් ඇත්දැයි නොදනිමි . නමුත් මිනිසුන් අකීකරු ය. පුරා විසිහතර පැයම මාධ්‍ය මගින් වසංගතයෙ භයානක බවත් ඉන් අත්මිදෙන ක්රමෝපායන් පිළිබඳව කොතෙක් දැනුවත් කළද බොහෝ මිනිසුන්ට වගේ වගක් නැතිය.
තමන් ද ඇතුළු සමස්ත මිනිස් වර්ගයාගේ යහපත හා පැවැත්ම වෙනුවෙන් කරන දැනුවත් කිරීම් මායිම් කරන්නට බල්ලෙකු තරම්වත් හික්මීමක් සමහර මිනිස්සුන්ට නැත. muscle memmory වල ස්වරූපය එයයි
ප්‍රතිඵලය වී ඇත්තේ මිනිසුන් දහස් ගණනින් මිය යෑමයි. Lock own , shutdown ඇඳිරිනීතිය පැනවෙන්නේ එබැවිනි.
ශරීරයට හුරුපුරුදු වන යම් යම් දේ ඇබ්බැහියන් බවට පත්වේ. මනස ඉක්මවා ශරීරය ක්‍රියාත්මක වීමෙන් තම පුරුදු මගහැර ගැනීමට නොහැකිකම නිසා අනතුර නොතකා තම ඇබ්බැහියන් මතම ගිලී සිටී .
බත් කෑම ද ඇබ්බැහියකි. උදෑසන තේ කෝප්පය පටන් මත්පැන් වීදුරුව දක්වා ක්‍රියාත්මක වන්නේ ඉහත කි ශරීර මතකය නැතිනම් ඇබ්බැහියන්ය . සැබැවින්ම ශරීරයට ආහාර අවශ්‍ය නොවන විට දීත් පුරුද්ද මගින් තුන්වේල ආහාර ගැනීමට අප පොළඹවයි .මසල්ස් මෙමරි වලට අනුව මිනිස් ශරීරයෙ සෛලවල හැඩරුව හා ක්‍රියාකාරකම් ද වෙනස් වේ . දීර්ඝ සාකච්ඡාවකට මුල පිරෙන නිසා ඒ පිළිබඳව පසුව කතා කරමු .
තොරතුරු – මතකය – බුද්ධිය සහ අවබෝධය එකිනෙකට වෙනස් ය. එක අත්තෙ වසා සිටින වෙනස් කුරුල්ලන් වැනිය.
බොහෝ තොරතුරු දන්නා අය ඒවා මතක තබා ගැනීමේ ධාරිතාව අනුව ඔවුන් බුද්ධිමතුන් යයි සැලකීමට සමාජය පෙලඹී තිබේ . මතකය මැනීම ලීටර් වලින් යැයි උපකල්පනය කළහොත් ඒ ඒ ඒ පුද්ගලයාට අනුව ලීටර් 500 ලීටර් 1000 ලීටර් 5000 වශයෙන් මතක ටැංකි එකින් එකට වෙනස් වීමට පුළුවන.
එම ටැංකි පුරවා ඇති දියර ය දැනුම නැතිනම් තොරතුරු වශයෙන් උපකල්පනය කරමු .ඒ අනුව තොරතුරු පරික්ෂා කරන විභාග තුළින් උපාධිධාරීන් , ආචාර්ය මහාචාර්යවරු බිහි වෙයි . නමුත් එක් වරම කලබලයෙන් ඔවුන් බුද්ධිමතුන් යැයි සිතීම වරදකි . මෙකී වරද නිසා මිනිස් සමාජය අත් විඳින ගැටළු බොහෝය. තෝරාගත් විෂයක තමන්සතු තොරතුරු විශාල වුවත් විෂයෙන් පිටතදී ඉන් පලක් නැත. මෙම අර්බුදකාරී මොහොතේදී තමන්ගේ විෂයෙන් පිටත ක්‍රියාත්මක වීමට ගොස් සමාජය වෙත ගැටලු මුදාහරින ඊනියා බුද්ධිමතුන් ගැන සිතා බලන්න .
චිත්‍ර ශිල්පීය මහාචාර්යවරුන් පක්ෂ දේශපාලනයට ගොස් ඇනගත් හැටි පසුගිය මැතිවරණ සමයේ අප අත් වින්දෙමු .
එයට හේතුව වන්නේ ඔහු මෙන් ම සමාජයත් ඔහු සියල්ලටම මහාචාර්ය යයි විශ්වාස කරන්නට පෙළඹී සිටින බැවිනි .
නමුත් බුද්ධිය සහ අවබෝධය වෙනකකි .
මතකය හැසිරවිය යුත්තේ අතිශය ප්‍රවේශමෙන් . අප බෞද්ධයන් හැටියට නිවැරදිව තේරුම් ගන්නේ නම් නිවනට ඇති ලොකු ම බාධකය මතක ය .
පෙර දිනක කඩේකින් කෑ පරිප්පු හොද්දෙ රස පිළිබඳ මතකය ගෙදර බිරිඳගෙ පරිප්පු හොද්ද හා සැසඳීමට පොළඹවයි . ප්රතිඵලයන් දෙකකි.එක්කෝ බිරිඳගෙ පරිප්පු හොද්ද වඩා රසවත් ය. ආදරණීයයි. නැතිනම් පැන පැනනගින්නේ ගැටුමකි .එවිට ආදරය බිරිඳගෙන් කඩේට විතැන් වේ.
අවබෝධයට පත් වීම යනු බුද්ධියෙන් මතකය ඉවත් වීමයි.
අවබෝධය ජලය පිරුණු ලිඳක් වැනි ය. ඒ බුද්ධිය උල්පත් මගින් අඛණ්ඩව ජලය නැති නම් තොරතුරු සපයයි. කෙතරම් ජලය ලබා ගත්ත ද ළිඳ සිදි නොයයි . ටැංකි බුද්ධිමතුන් බුදුන් බුදුන් වහන්සේගේ ධර්මයට ද අභියෝග කරන අවස්ථා මා දැක ඇත්තෙමි .
බුදුන් වහන්සේ උල්පතකි. කිසිදා සිඳී නොයයි. වසර දෙදහස් පන්සියයක් ඇවෑමෙන් අදටත් බුදුන් ඉක්මවා යෑමට කිසිවෙකු ට නොහැකිව ඇත්තේ එබැවිනි.උ,ල්පතක් වන්නට වෙර දරන්න. එවිට පීඩාකාරී මතකය අවශ්‍ය නො වේ. පුරුද්දෙන් සහ ඇබ්බැහියෙන් දිවි ගෙවීම සතුන් ට අයත් දෙයකි . සත්ත්ව ගති මරා දමා මනුෂ්‍යත්වය ඉහලට ඔසවන්න. වසංගතය මෙන් ම ජීවිත ද ජයගත හැක්කේ එවිටයි .
අනිල් අරුමපුර